hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 ජූනි 26, පෙ.ව. 11:25


විදුලි සෝපානය කඩා වැටී හිටපු සෞඛ්‍ය ඇමතිවරයකු මරුට

විදුලි සෝපානයක් කඩා කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් හිටපු සෞඛ්‍ය ඇමති වරයකු මියගොස් තිබෙනවා.හම්බන්තොට සිරිබෝපුර පදිංචිව සිටි 89 හැවිරිදි වෛද්‍ය පී .එන්. බී .සිරිල් මෙලෙස මියගොස්  තිබෙන බව හම්බන්තොට පොලීසිය පවසයි.

සිරිබෝපුර ඔහුගේ නිවසේ තුන්වැනි මහලේ අලුත්වැඩියා කටයුතු සඳහා පිටතින් ඉදිකර තිබූ විදුලි සෝපානය ආධාරයෙන් සිය රියදුරු සමගින්  ගමන් කරමින් සිටියදී සෝපානය කඩා වැටී තිබෙනවා.

බිමට වැටීමෙන් තුවාල ලැබූ රියදුරු සහ හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබුණි.

ප්‍රතිකාර ලබමින් සිටියදී හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා මියගොස් තිබෙනවා.