hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2023 ජූනි 26, පෙ.ව. 11:54


දේශබන්දුට එරෙහි චෝදනාවක් බල රහිත කරයි

ජනාධිපති මන්දිරයට අරගලකරුවන් ඇතුළු වූ අවස්ථාවේ එහි තිබී රුපියල් කෝටි දෙකකට ආසන්න මුදල් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝට එරෙහි චෝදනාව පවත්වාගෙන යාම බල රහිත කරමින් අභියාචනාධිකරණය රිට් ආඥාවක් නිකුත් කළා.

දේශබන්දු තෙන්නකෝන් මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සභාපති විනිසුරු නිශංක බන්දුල කරුණාරත්න සහ ඒ.මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල එම නියෝගය නිකුත් කළා.