hit counter

2025 මාර්තු මස 20 වන බ්‍රහස්පතින්දා

2023 ජූනි 26, ප.ව. 1:43



පාර්ලිමේන්තුව ඉරිදා දිනයේ රැස්වීමේ අරමුණ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ යෝජනාව සම්මත කර ගැනීම බවත් වත්මන් ආණ්ඩුව රටට අහිතකර පනත් සම්මත කරගැනීම සඳහා නොයෙක් උප්පරවැට්ටි ක්‍රියාත්මක කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්.පීරිස් මහතා පැවසුවා.

නාවල පිහිටි නිදහස ජනතා සභාව ප්‍රධාන කාර්යාලයේදී අද (26) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ජී.එල්.පීරිස් මහතා එසේ පැවසුවා. 

ආණ්ඩුව ගෙන යන ජන පීඩිත ක්‍රියාකලාපයට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට විපක්ෂය පෙළ ගැසෙන බව කී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ආණ්ඩුවේ මැති ඇමතිවරු සහ නිලධාරීන් ලස්සන වචන දමා ජනතාව රවටන බව ද සඳහන් කළා.

මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රකාශ නාමමාත්‍රික ප්‍රකාශ බවත් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම අයි.එම්.එෆ්. යෝජනාවක් නොවන එය ශ්‍රී ලංකා රජයේ යෝජනා කළ බවත් පීරිස් මහතා කියා සිටියා.

ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් තුනෙන් එකට  වඩා වැඩි පිරිසකට දෛනික ආහාර සපයාගැනීමට නොහැකි තත්වයක් උදාවී ඇති බවට සමීක්ෂණවලින් හෙළිවී ඇති බව කී පීරිස් මහතා පැවසුවේ තම රජයක් යටතේ අයි.එම්.එෆ්. අහිතකර යෝජනා පිළිබඳව යළි සළකා බැලන බවත්.

අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන කිසිඳු විනිවිදභාවයකින් තොර බව ද මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වැඩි දුරටත් පැවසුවා.