hit counter

2026 සැප්‍තැම්‍බර් මස 01 වන අඟහරුවාදා

2023 ජූනි 27, ප.ව. 9:03



ඉංග්‍රීසි භාෂාවෙන් ආයාසයෙන් ප්‍රශ්නයක් ඇසීමට උත්සාහ කළ ප්‍රංශයේ වෙසෙන ද්‍රවිඩ ජාතිකයෙක් ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රශ්නය ඇසීමට අපහසු නම් දෙමළ භාෂාවෙන් එය අසන ලෙසත් තමන්ට දෙමළ තේරෙන බවත් ප්‍රකාශ කළා.

ක්‍රියාකාරිකයා පසුව දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවෙන් කතා කිරීමට පටන් ගත් නමුත් සංවිධායකයෝ එය දීර්ඝ ලෙස ඇදීයාම වැළැක්වූවා.

ප්‍රංශයේ පැවති උත්සවයකදී මෙම ද්‍රවිඩ ක්‍රියාකාරිකයා ආයාසයෙන් කතා කරමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ වෙනත් කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමට පෙර ශ්‍රී ලංකාවේ මානුෂීය ගැටලුවලට විසඳුම් ලබා දෙන ලෙසයි.