hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2023 ජූනි 28, ප.ව. 6:08



මත්පැන් නිෂ්පාදනාගාරවලින් අය වියයුතු බදු මුදල් දින 14ක් තුළ ගෙවීමට කටයුතු කරන ලෙස අදාළ සමාගම් වෙත උපදෙස් දී තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ එම සමාගම් වෙත මෙලෙස උපදෙස් ලබාදී ඇති බවයි.

එම සමාගම් වෙතින් බදු හා ප්‍රමාද ගාස්තු ලෙස රුපියල් කෝටි 616ක පමණ මුදලක් රජයට අය වියයුතුව ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

මත්පැන් නිෂ්පාදන සමාගම් 10 වෙතින් එලෙස බදු මුදල් අය කරගැනීමට නියමිත අතර අදාළ සමාගම් ඊයේ (27) කැඳවා දින 14ක කාලයක් තුළ සියලු මුදල් ගෙවීමට පියවරගන්නා ලෙස දැනුම් දුන් බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

එම කාලය තුළ හිඟ මුදල් පියවීමට කටයුතු නොකරන්නේ නම් එම සමාගම්වලට එරෙහිව පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.