hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 ජූනි 30, ප.ව. 8:20


රාජගිරියේ පාරක් වැසෙයි

රාජගිරිය ප්‍රදේශයේ මාර්ගයක් තාවකාලිකව වසාදැමීම පිළිබඳව මහජනතාව දැනුවත් කරමින් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ අද (30) සවස 5.00 සිට ලබන 04 වනදා අලුයම 5.00 දක්වා කාලසීමාව තුළ වැලිකඩ පොලිස් වසමේ රාජගිරිය පාර, මැද වැලිකඩ හන්දියේ සිට මාදින්නාගොඩ හන්දිය දක්වා කොටස එලෙස තාවකාලිකව වසාදැමෙන බවයි.

ඒ, ජලනළ එළීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමය පියවර ගෙන ඇති බැවිනි.

ඒ අනුව අදාළ කාලසීමාව තුළ රාජගිරිය පාරේ මැද වැලිකඩ හන්දිය, මොරගස්මුල්ල හන්දිය සහ මාදින්නාගොඩ හන්දියෙන් මාර්ගය වසා තැබෙනු ඇති.

ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසද පොලීසිය දැනුම් දෙනවා.