2023 ජූලි 01, ප.ව. 1:16
මේ වන විට සමගි ජන බලවේගයේ සිටින මන්ත්‍රීවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් බාර් ලයිසන් ගෙන ඇතැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය චෝදනා කරනවා.
නෙත් FM නාලිකාව සමග සාකච්ඡාවකට එකතු වෙමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මේ බව සඳහන් කළා.
ඈ සඳහන් කරන්නේ, සජබ නායක සජිත් ප්‍රේමදාසට ඒ පිළිබඳ සියලු තොරතුරු තමන් දැනුම් දී ඇති බවයි.
ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා සමග රාත්‍රීයට සමාජශාලාවල මත්පැන් පානය කරන සජබ අයගේ පින්තූර පවා තමා සතුව ඇති බවයි හිරුණිකා මහත්මිය ප්‍රකාශ කළේ.
මේ කණ්ඩායම් දෙපැත්තේ ම කකුල තබා ගෙන අවස්ථාවාදී දේශපාලනයක නිරත වන බව ද ඇය සඳහන් කළා.
මේ අයගේ නම්ගම් හෙළිදරව් කොට උඩ බලාගෙන කෙළ ගසාගත නොහැකි බව ද ඇය පෙන්වා දෙනවා.
සජිත් ප්‍රේමදාස මහතා අතිශය විශ්වාස කළ හරීන් ප්‍රනාන්දු, ඩයනා ගමගේ සහ මනූෂ නානායක්කාර, පී. හැරිසන් පැදුරටත් නොකිය රනිල් සමග එකතු වූ බව ද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පෙන්වා දෙනවා.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36