hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2023 ජූලි 02, ප.ව. 3:04



ලබන 4 වන අඟහරුවාදා සිට ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය වීමට නියමිතව තිබෙනවා.

එම සමාගමේ ප්‍රකාශකයෙකු පැවසුවේ පසුගිය මාසයේ සිදුවූ සංශෝධනයේදී මෙන්ම මෙවර ද ගෑස් මිල අඩුවීමක් සිදුවන බවයි.

ලිට්‍රෝ සමාගම පසුගිය මස 4 වැනිදා සිදුකළ මිල සංශෝධනයට අනුව කිලෝග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 452කින් අඩු කෙරුණා.

ඒ අනුව එහි මිල මේ වන විට දැක්වෙන්නේ රුපියල් 3,186ක් ලෙසයි.

කිලෝග්‍රෑම් 5ක ලිට්‍රෝ ගෑස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,281ක් ලෙසත්, කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 598ක් ලෙසත් දැක්වෙනවා.

ඉදිරියේ දී මිල සංශෝධනයක් සිදුවිය හැකි බවට ලාෆ් ගෑස් සමාගම ද පසුගිය දා ප්‍රකාශ කළ නමුත් මේ වන තෙක් ඒ සම්බන්ධයෙන් නිවේදනය කර නොමැත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: