hit counter

2024 දෙසැම්‍බර් මස 23 වන සඳුදා

2023 ජූලි 03, පෙ.ව. 2:01



සංවිධානාත්මක පිරිසක් සැප්තැම්බරයේදී වර්ජන මගින් සෞඛ්‍ය ක්ෂේත්‍රය අඩපණ කිරීමේ සැලැස්මක නිරතව සිටින බවට තොරතුරු ලැබී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කළේ “ස්ථාවර රටකට සැවොම එකමඟකට” මැයෙන් ඊයේ (02) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීයි.

ප්‍රශ්නය – වෛද්‍ය සැපයීම් අංශයට 2021දී මිලියන ගණනක් වියදම් කරලා ස්ථාපිත කරපු තොරතුරු පද්ධතිය ආපහු අලුතින් රු.මිලියන 100ක් වියදම් කරලා ඇයි හදන්නේ? මොකක්ද මේ වැඩපිළිවෙළ ?

සෞඛ්‍ය අමාත්‍යවරයා – Delete button එක එබිලා පද්ධතිය නැති වුණාලු. දුරකථනයෙනුත් Delete කරන්න දෙපාරක් අහනවා. එවැනි සරල දෙයක් වෙන්න බැහැ. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වනවා.

ප්‍රශ්නය – අපිට ලොකු සැකයක් තියෙනවා ඇයි පරීක්ෂණ මෙච්චර කල් යන්නේ?

සෞඛ්‍ය අමාත්‍යවරයා – මටත් සැකයි, ඒකයි පරීක්ෂණ CIDඑකට භාරදුන්නේ. ප්‍රශ්නය – වෛද්‍ය සැපයීම් අංශය යථා තත්ත්වයට පත්වෙන්න කොච්චර කල් යයිද?

සෞඛ්‍ය අමාත්‍යවරයා – මේ වසර අවසන් කිරීමට පෙර සම්පූර්ණ කරනවා. සංවිධානාත්මක කණ්ඩායම් කඩාකප්පල් කිරීමේ උත්සාහයක සැප්තැම්බරයේ වැඩවර්ජන දියත්වන බවට තොරතුරු තියෙනවා