hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2022 මැයි 18, ප.ව. 3:20



නිවාස අමාත්‍යවරයා වන ප්‍රසන්න රණතුංග මහතා මැයි 09 වනදා සිදු වූ සිදුවීමෙන් නිවාස අහිමි වූ මන්ත්‍රීවරුන්ට නිවාස ලබා දීම පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (18) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වා සිටියා.

ඒ සමඟම පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වන නිමල් ලන්සා, රමේෂ් පතිරණ, මොහාන් සිල්වා දැඩිව විරෝධය දක්වමින් පවසා සිටියේ තමන් කිසිවෙකුටත් රජයෙන් වන්දි අනවශ්‍ය බවයි.

තමන් එලෙස වන්දි ඉල්ලා නැති බව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු උස් හඬින් කියා සිටියේ විපක්ෂ නායකවරයාට දැඩිව විරෝධය දක්වමින්.

වන්දි සම්බන්ධයෙන් කේන්ති ගිය පොහොට්ටුවේ මන්ත්‍රී මොහාන් ද සිල්වා මහතා කියා සිටියේ වන්දි ගැන කියන විපක්ෂ නායකවරයා ‘පිස්සෙක්’ බවයි.

එහිදී මොහාන් ද සිල්වා මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා,

“අපි කවුරුවත් වන්දි ඉල්ලුවේ නැහැ. මේ වගේ පිස්සෙක් විපක්ෂ නායක වීම ගැන අපි කණගාටු වෙනවා. තමුසේ. තමුසේ. මෙයාගේ කණගාටුව ගහ ගන්නවා පස්ස පැත්තේ.”