hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2023 ජූලි 04, ප.ව. 1:04



අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහනට ඇතුළත් කර ඇති ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනාලාභීන්ගේ නාමලේඛනය මේ වන විට ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

ඒ අනුව ඇතැම් ප්‍රාදේශීය ලේකම් කාර්යාවල සහ ග්‍රාම නිලධාරී කාර්යාලවල මේ වන විටත් එම නාමලේඛනය ප්‍රසිද්ධියට පත්කර ඇති බව සමාජ ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේ.

කෙසේවෙතත් හෙට (05) දිනයේ සිට සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ග්‍රාම නිලධාරී කාර්යාලවල මෙම නාමලේඛනය ප්‍රසිද්ධියට පත්කරනු ඇති.

අස්වැසුම දීමනාලාභීන්ගේ නාමලේඛනය මෙතනින්