hit counter

2026 මාර්තු මස 16 වන සඳුදා

2023 ජූලි 05, පෙ.ව. 8:20



ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල පහළ දැමීමට ලිට්‍රෝ සමාගම පි‍යවර ගත්තා.

ඒ අනුව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ඊයේ (04) පවසා සිටියේ ගෑස් මිල අඩු කිරීමට සාපේක්‍ෂව කොත්තු සහ රයිස් මිල හෙට අද (05) සිට අඩු කරන බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ අඩු කරන මිල ප්‍රතිශතය ජනතාවට දැනෙන ප්‍රමාණයක් විය යුතු බවයි.

ගෑස් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලැබිය යුතු අතර කොත්තු සහ රයිස් මිල අඩු කරන ප්‍රතිශතය හෙට පෙරවරුවේ ප්‍රකාශ කරන බවයි සභාපතිවරයා ප්‍රකාශ කර සිටියේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: