hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 ජූලි 05, පෙ.ව. 8:29


නුවරඑළිය දිස්ත්‍රික්කයට නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත්

නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා නිකුත් කළ නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනය අද (05) රාත්‍රී 11.00 දක්වා තවදුරටත් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රදේශය සඳහා එම නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් බලපැවැත්වෙනු ඇති.

එමෙන්ම අද (05) දිනයේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් හැටන් කලාපයේ සියළුම පාසැල්වලට නිවාඩු ලබා දී ඇති බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දැනුම් දී තිබෙනවා