hit counter

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2022 මැයි 18, ප.ව. 4:24


සනත් සහ මිලාන් 25 තෙක් රිමාන්ඩ්

ගාලු මුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවති සාමකාමී විරෝධතා ව්‍යාපාරයට පහර දුන්නැයි කියන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත, මිලාන් ජයතිලක යන මහත්වරුන් ලබන 25 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (18) නියෝග කළා.

ඔවුන්ට අවශ්‍ය ආරක්ශාව සහ පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාර වලට සහභාගි කරවීමට අවශ්‍ය ප්‍රතිපාදන සලසා දෙන ලෙසත් මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර කොමසාරිස් වරයාට නියෝග කර තිබෙනවා.