hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2023 ජූලි 05, පෙ.ව. 11:24


ගුරු හිඟයට විසදුම් ඉල්ලා විරෝධතාවයක්

ගාල්ල පිටදෙණිය මහා විද්‍යාලයේ ගුරු හිඟයට වහා විසදුම් ලබාදෙන ලෙස ඉල්ලමින් එම විද්‍යාලයේ ආදි සිසුන් හා සිසු දරු දැරියන්ගේ දෙමව්පියන් පිරිසක් අද (05) පෙරවරුවේ පාසල ඉදිරිපිටදි විරෝධතාවයක නිරතවුවා.     

හතර ශ්‍රේණිය සදහා ගුරුවරයකු නොමැති බවත් උසස්පෙළ පංති සදහා ප්‍රමාණවත් පරිදි ගුරුවරු නොමැති බව ද මෙහිදි විරෝධතාකරුවන් සදහන් කළා.

මෙම පාසලේ ගුරුවරු දෙදෙනෙකු අනුපාප්තිකයකු රහිතව මාරුකොට ඇති බවද මෙහිදි විරෝධතාකරුවන් සදහන් කළා.