2023 ජූලි 05, ප.ව. 1:58
පහුගිය සෙනසුරාදා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ විවාදයේදී කතානායකවරයා අත්තනෝමතික ලෙස විපක්ෂයේ කථිකයින්ගේ කාලය ලබා නොදී කටයුතු කිරීම පිළිබඳව සිය විරෝධය ප්‍රකාශ කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසනවා.
“දැන් අපි අහගෙන ජනාධිපතිතුමා කියනවා සහයෝගය දෙන්නලු එකතු වෙන්නලු. එතකොට මෙහෙම හැසිරෙද්දී කොහොමද අපි සහයෝගයක් දෙන්නේ? සහයෝගයක් දෙන්න තියා හිතන්නවත් පුලුවන්ද? ඉතින් ඒ නිසා නැවත නැවතත් ඒ පිළිබඳව අපේ විරෝධය ප්‍රකාශ කරනවා.” යනුවෙන්ද සඳහන් කළා.
“ඕගොල්ලන්ට රනිල්ව තේරෙන්නේ නැහැ. අපිට හොඳට තේරෙනවා හරි ද? මේගොල්ලන්ට තේරෙන්නේ නැහැ. මේගොල්ලන්ට වෙලා තියෙන්නේ දෙන දේ කාලා, වෙන දේ බලන් ඉන්න. හා කිව්වහම අත උස්සන්න. හරිද? ලොක්කා දෙන දේ කාලා වෙන දේ බලන්න.” යනුවෙන් මරික්කාර් මහතා සඳහන් කළ අවස්ථාවේ පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සිය අදහස් දැක්වීමත් සමඟ උණුසුම් තත්වයක් ඇති වුණා.
“ප්‍රාදේශීය සභාවල ඉඳලා ඇවිල්ලා එතුමාලට දැන් මේ යන්තම් ජනාධිපතිතුමාගෙන් ජීවිතය බේරගෙන මං කාගෙවත් නම් කිව්වේ නැහැ. මං කාගෙවත් නම් කිව්වේ නැහැ. හරිද? මෙතුමාලට දැන් යන්තම් රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක එකතුවෙලා ඇඟ බේරගෙන හැංගිලා හිටපු කට්ටිය ඇවිල්ලා දැන් දෙන දේ කාලා වෙන දේ. දැන් අර සම්බන්ධීකරණ කමිටු සභාපතිකමට වාහනයක් දීලා තියෙනවානේ. ඒ කටු ටික කාලා ඉන්න. කටු ටික කාලා ඉන්න. අර සම්බන්ධීකරණ කමිටු සභාපතිකමට හම්බවෙලා තියෙන වාහනේ තෙල් ටිකයි අරගෙන ජනාධිපතිතුමා අඬගහලා ඩිනර් එකක් දුන්නහම කාලා බීලා කට වහගෙන ඉන්න. එයා කිව්වා ම අත උස්සන්න. හරි ද? ඕගොල්ලන්ට ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. ඕගොල්ලන්ට තේරෙන්නේ නැහැ. හැබැයි හොඳට මතක තියාගන්න. ඊළඟ පාර ගෙදර. ඊළඟට අපි දිනනවා. අපි දිනනවා. බය නැතුව කියනවා. හෙට ඡන්දයක් තියන්න අපි දිනනවා. හරි ද? ඔයා ගෙදර ගිය මං අභියෝග කරනවා පුළුවන් නං දිනලා එන්න කියලා.”යනුවෙන්ද වැඩිදුරටත් සඳහන් කළා.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36