hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2023 ජූලි 06, ප.ව. 4:00


ලාෆ් ගෑස් මිල පහළට

අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ් ගෑස් මිල පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් පහළ දැමෙනු ඇති.

එම මිල පහළ දැමීමත් සමඟ කිලෝග්‍රෑම් 12.5ක ලාෆ් ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 3690ක්.

මේ අතර කිලෝග්‍රෑම් 5 ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 120කින් පහළ දැමෙනු ඇති.

එම මිල පහළ දැමීමත් සමඟ කිලෝග්‍රෑම් 5 ලාෆ් ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 1476ක්.