2023 ජූලි 07, පෙ.ව. 12:06
ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතිකය අඩු කිරීමේ වාසිය වෙළඳපොළට ලබා දීමට බැංකු කටයුතු කළ යුතු බවත් එසේ නොකළහොත් පොලී අනුපාත නියාමනය කිරීම සඳහා ක්‍රියා මාර්ග ගන්න බවත් මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (06) පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා.
බැංකු පොලී අනුපාත යම් මට්ටමකට අඩු වුවත් තව දුරටත් අඩු විය යුතු බවත් ඒ සඳහා බැංකු වලට සහන කාලයක් හිමිවන බවත් මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නා.
එම කාලය තුළදී බැංකු විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතිකය අඩුවීමේ වාසිය ජනතාව වෙත ලබා දෙමින් වෙළඳපොළ පොලී අනුපාත අඩු කරනු නොලැබුවහොත් 2018 වසරේ මෙන් බැංකු වලට ඉලක්ක ලබා දීමට සිදුවන බව මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළා.
රන් උකස් ණය සහ ණය පත් පොලී අනුපාතද ඒ අනුව කාලානුරූපීව අඩු වනු ඇතැයි මහ බැංකුව පැවසුවා.
ශ්‍රී ලංකා මහා බැංකුවේ මග පෙන්වීම යටතේ ණය පත් පොලී අනුපාතිකය සියයට 2 කින් බැංකු අඩු කළ බවද ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළා.
2026 අප්‍රේල් 27, ප.ව. 4:14
2026 අප්‍රේල් 27, ප.ව. 12:54
2026 අප්‍රේල් 26, ප.ව. 5:25
2026 අප්‍රේල් 25, ප.ව. 9:29
2026 අප්‍රේල් 24, ප.ව. 12:52