hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 ජූලි 09, පෙ.ව. 10:51


ගල්කිස්සේ ඝාතනයක්

ගල්කිස්ස, සොයිසාපුර ප්‍රදේශයේ දී පහරදීමක් හේතුවෙන් පුද්ගලයකු මියගොස් තිබෙනවා.

මරණකරු 68 හැවිරිදි වියේ පසු වූ එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

ඥාතියකු සමග අදාළ මරණකරු සිය නිවසේ ජීවත්ව සිට ඇති බවයි විමර්ශනවලදී තහවුරු වී ඇත්තේ.

අසල නිවසක කාන්තාවක් පොලිසියට පවසා ඇත්තේ අදාළ අවස්ථාවේ එම නිවෙස දෙසින් කෑගැසීමක් ඇසුණු බවත් අනතුරුව ඥාති පුද්ගලයා කලබලයෙන් මෙන් එම නිවසෙන් පිටව යන අකාරයක් තමා දුටු බවයි.

ඒ අනුව සැකකරු සොයා මේ වනවිටත් ගල්කිස්ස පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.