hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 ජූලි 10, ප.ව. 8:18



ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම වීරක්කොඩි මහතා සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ලබා ගෙන තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතින් හබරාදුව නව ප්‍රධාන සංවිධායක ධුරයද ලබා ගත් වීරක්කොඩි මහතා සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලය හබරාදුවදී විවෘත කිරීමෙන් පසු විශේෂ රැස්වීමක්ද පවත්වා තිබෙනවා.

පොදු ජන පෙරමුණේ මන්ත්‍රිවරයකුව සිට පසුව ස්වාධීන මන්ත්‍රිවරයකු වශයෙන් සිටි ඒ මහතා සමගි ජන බලවේගයේ පක්ෂ සාමාජිකත්වය ලබා ගෙන හබරාදුව ප්‍රධාන සංවිධායක ලෙස පත්වීමෙන් පසු සිය පක්ෂ කාර්යාලය මෙසේ ආරම්භ කර තිබෙනවා.

එහිදී මන්ත්‍රි චන්දිම වීරක්කොඩි මහතා මෙලෙස අදහස් පල කළා.

“පොහොට්ටුව දන්නෙ නෑ. ඒක තියෙන්නෙ කොහෙද කියලා. ඒක තියෙන්නෙ ඇමරිකාවේද එහෙමත් නැතිනම් පස්වන පටු මඟේද එහෙම නැතිනම් මැදමුලෙනද කියලා. ඒක කොහේ තියනවාද කියලා කවුරුවත් දන්නෙ නෑ. ශ්‍රී ි ලංකා නිදහස් පක්ෂයේ අය එකතුවෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනිච්චාවත සංඛාරා කරලා ඉවරයි. යූ.එන්.පී. එකත් ඉවරයි. ඒක අද අරන් ගිහිල්ල මැදමුලනේ එල්ලලා ඉවරයි.

මෙතෙක් කලක් පැවැති සමෘද්ධි අද අස්වැසුමක් වෙලා. අන්තිමේ බලනකොට ජනතාවට එය අස්වැසුමක් නොවෙයි ජනතාවගේ ඇස් වැසීමක් වෙලා. ඒ විතරක් නොවෙයි එය ජනතාවට වළක් හාරා ඒ වළට දමා එය පස්වලින් වසා දැමීමක් බවට පත්වෙලා. අද ආණ්ඩුවත් හොල්මන් වෙලා. එකම ආසනයේ පවත්වන එක පක්ෂ බල මණ්ඩල රැස්වීමකදී කොටසක් කියනවා ඊළඟ ඡන්දයේදීත් රනිල් ජනාධිපති කරමු කියා. ඊළඟ රැස්වීමේදී තව කොටසක් කියනවා ඊළඟ ඡන්දයට අපි පොහොට්ටුවේ අයෙක් ජනාධිපති කරනවා කියා. ජනතා විමුක්ති පෙරමුණේ අය අද කියන එක නොවෙයි හෙට කියන්නේ. ඒ නිසා ⁣මේ හැමෝම ජනතාවට එපා වෙලා.”

Example Image