hit counter

2025 ජූලි මස 04 වන සිකුරාදා

2023 ජූලි 11, ප.ව. 7:19


රාජකීය විදුහල්පතිට අධිකරණ නියෝගයක්

රුපියල් ලක්ෂ තුනකට අධික සේවක අර්ථසාධක අරමුදල් නොගෙවා පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුව ගොනුකර තිබූ නඩුවකට අදාළව කරුණු විමසීම සදහා කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයාට ලබන 13 වැනිදා අධීකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය සිතාසි නිකුත් කර තිබෙනවා.

කම්කරු දෙපාර්තමේන්තුව මගින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අංක පහ අධිකරණය හමුවේ පවරා තිබූ මෙම නඩුවට අදාළව වගඋත්තරකරු වශයෙන් නම් කර තිබුනේ කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයායි.

රුපියල් තුන් ලක්ෂ හතලිස් එක්දහස් එකසිය විසි දෙකයි ශත පනහක සේවක අර්ථසාධක අරමුදල් නොගෙවා පැහැර හැර ඇතැයි වගඋත්තරකරුට එරෙහිව කම්කරු දෙපාර්තමේන්තුව මෙම නඩුව ගොනු කර තිබෙනවා.