hit counter

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2023 ජූලි 13, පෙ.ව. 9:33



ආනයනික කිරිපිටි සඳහා රේගූ ආනයනික බද්ද සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 01ක් සඳහා රුපියල් 100ක බද්දක් අය කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

ඊයේ (12) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම බදු සංශෝධනය සිදුකර තිබෙනවා.

ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකක් සඳහා සියයට 20ක හෝ රුපියල් 225ක රේගු ආනයනික බද්දක් පනවා තිබු අතර පසුගිය කාලයේ එය ඉවත් කිරීමට පියවර ගෙන තිබුණා.

කෙසේවෙතත් මුදල් අමාත්‍යාංශය විසින් ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 100ක බද්දක් පනවා ඇති බව වාර්තා වෙනවා.

නැවත දැනුම්දෙන තුරු මෙම බදු සංශෝධනය ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යාංශය පවසනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: