2023 ජූලි 13, ප.ව. 1:36
අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව ගොනු කර තිබෙන පෙත්සම් 3ක් සැප්තැම්බර් මස 27 වන දා යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබෙනවා.
මෙම පෙත්සම් අද (13) අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී ඇත.
පැමිණිල්ලට අදාළව කටහඬ පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍යව තිබෙන බව ත් එය රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉදිරිපිට කිරීමට අවශ්‍යව ඇති බව ත් එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය, අධිකරණයට දන්වා තිබෙනවා.
එම අවස්ථාවේදී එක් පෙත්සමක් ඉදිරිපත් කර තිබූ ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ, එවැනි පරීක්ෂණයකින් තොරව මෙම පෙත්සම පවත්වාගෙන යාමට තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බවයි.
ඒ අනුව, පෙත්සම සැප්තැම්බර් මස 27 යළි කැඳවන ලෙස විනිසුරු මඩුල්ල නිකුත් කර ඇත.
ඉකුත් වසරේ අගෝස්තු මස 23 වන දා හෝ ඊට ආසන්න දිනයක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ සනත් නිශාන්ත අරගලකරුවන්ට ඇප ලබා දීමේදී මහෙස්ත්‍රාත්වරුන් කටයුතු කළ ආකාරය විවේචනය කර තිබුණු බව පෙත්සම්කරුවන් සිය පෙත්සම මගින් සඳහන් කර තිබෙනවා.