hit counter

2026 සැප්‍තැම්‍බර් මස 01 වන අඟහරුවාදා

2023 ජූලි 14, පෙ.ව. 8:38



කඳුකරයේ දේශපාලනය මෙහෙ (කාත්තන්කුඩි) කරන්න එන්න එපායි පරිසර ඇමැති නසීර් අහමඩ් මහතා නැඟෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතාට දැඩි ස්වරයකින් ප්‍රකාශ කොට තිබෙන බව පුවත්පතක් වාර්තා කරනවා.

පරිසර ඇමැතිවරයා මේ ප්‍රකාශය කර තිබෙන්නේ කාත්තන්කුඩි පළාත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එම්.එම්. හලාව්දීන් මහතා ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතා විසින් වෙනත් ස්ථානයකට මාරු කිරීමට විරෝධය පාමිනුයි.

කාත්තන්කුඩි පැවැති සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මේ සඳහන කළ පරිසර ඇමැතිවරයා නැඟෙනහිර පළාතට අත තියන්න සෙන්දිල් තොණ්ඩමාන් කවුදැයි ප්‍රශ්න කොට තිබෙනවා.

පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට ලබාදුන් ස්ථාන මාරුව වහාම අවලංගු කරන්නැයි මෙම රැස්වීමේදී තීරණයක්ද ගෙන තිබෙනවා.

ආණ්ඩුකාරවරයා ලෙස තොණ්ඩමාන් මහතාගේ ඇතැම් ක්‍රියාකලාපයන් ගැන කාත්තන්කුඩි ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව දැඩි ලෙස විවේචනයට ලක් කරන බවද වාර්තා වෙනවා.