2023 ජූලි 14, ප.ව. 5:26
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත පසුගිය මැයි මාසයට සාපේක්‍ෂව ජූනි මස ඩොලර් මිලියන 23 කින් පහළ ගොස් ඇති බවත් එය සියයට 0.7 ක සුළු පහත වැටීමක් බවත් මහ බැකුව පවසනවා.
පසුගිය මැයි මාසයේ නිල සංචිත ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 3,491 ක් වූ බවත් එය ජූනි මාසයේ ඩොලර් මිලියන 3,468 ක් දක්වා පහත වැටී ඇති බවත් මහ බැංකුව පැවසුවා.
මෙම සංචිත වත්කම් තුළ අන්තර්ගත විදෙස් මුදල් සංචිතය 2023 ජූනි මාසයේ දී ඩොලර් මිලියන 3,430 ක් ලෙසින් වාර්තා වන අතර එය මැයි මාසයේදී වාර්තා වූ ඩොලර් මිලියන 3,445 ට සමග සැසදීමේදී සියයට 0.4 ක පහළ යෑමක්.
2026 අප්‍රේල් 30, ප.ව. 12:22
2026 අප්‍රේල් 30, ප.ව. 12:01
2026 අප්‍රේල් 29, ප.ව. 1:37
2026 අප්‍රේල් 29, ප.ව. 1:16
2026 අප්‍රේල් 28, ප.ව. 2:06