hit counter

2025 මැයි මස 13 වන අඟහරුවාදා

2023 ජූලි 16, පෙ.ව. 2:51



අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලැබිය යුත්තන් හට එම ආධාරය නොලැබෙන්නේ නම් තමන් ආණ්ඩුවේ කොටස්කරුවෙකු ලෙස සිටීමෙන් ඵලක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසනවා.

කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කලේ මේ සම්බන්ධයෙන් ලබන සදුදා ආණ්ඩුවේ බලධාරින් සමග යළි සාකච්ඡා කරන බවයි.

අස්වැසුම සුබසාක ප්‍රතිලාභ වැඩසටහන සදහා අභියාචනා හා විරෝධතා පසුගිය 10 වනදින අවසන් වූ අතර, ඒ සදහා අභියාචනා නව ලක්ෂ 68,000 ක් සහ විරෝධතා 17,500 ක් ලැබී තිබුණා.