hit counter

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2023 ජූලි 17, ප.ව. 8:27



සමෘද්ධීලාභීන් අතරින් අස්වැසුම ප්‍රතිලාභ සඳහා අයදුම් කළ පවුල්වලින් 70%ක් අස්වැසුම ප්‍රතිලාභී ලැයිස්තුවට ඇතුළත්ව ඇති අතර, 1,680,000 වූ සමෘද්ධි සහනාධාරය හිමි පවුල් සංඛ්‍යාව ඉක්මවා අස්වැසුම මගින් පවුල් ලක්ෂ 20 කට සහන සැලසෙනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

එහි දැක්වෙන්නේ මීට අමතරව ආබාධිත, වකගඩු සහ වැඩිහිටි යන දීමනා ද සාමාන් ‍ය පරිදි පුද්ගලයන් ලක්ෂ 5 කට අධික ප්‍රමාණයකට ලැබීමට නියමිත බවයි.

සමෘද්ධිලාභී පවුල් අතරින් 1,280,747 ක් අස්වැසුම ප්‍රතිලාභ සඳහා අයදුම් කර ඇති අතර ඉන් 70%ක්, පවුල් 887,653ක් සුදුසුකම් ලබා සිටියි.

ඒ අනුව අලුතින් පවුල් ලක්ෂ 11 ක් “අස්වැසුම” වැඩසටහන තුළ සහනාධාර ලැබීමට සුදුස්සන් ලෙස හදුනාගෙන ඇත.

මෙතෙක් සහනාධාර ලාභින්ගෙන් නුසුදුස්සන්ගේ නම් පමණක් ඉවත්ව ඇත.කෙසේ වෙතත් සුදුසු පවුලක් අසාධාරණයට පත්ව ඇත්නම් එය නිවැරදි කිරීමට කටයුතු කරණු ඇත.

මෙතෙක් අභියාචනා 990,000ක් සහ විරෝධතා 70,000ක් ලැබී ඇත.

ලැයිස්තුවේ නම් ඇතුළත් කණ්ඩායම වෙත ජූලි මාසය තුළ සිය අස්වැසුම ප්‍රතිලාභය හිමි වනු ඇති අතර අභියාචනා හෝ විරෝධතා හේතුවෙන් කිසියම් පවුල් ඒකකයකට ප්‍රතිලාභ ගෙවීම් ප්‍රමාද වන්නේ නම් ඔවුන්ට ජූලි සහ අගෝස්තු යන වාරික දෙක ම එකවර ලබා දීමට කටයුතු කරනු ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: