hit counter

2025 මැයි මස 13 වන අඟහරුවාදා

2023 ජූලි 17, ප.ව. 8:33



මින් ඉදිරියට තම පාක්ෂිකයින්ට හිරිහැර කලොත් අනිවාර්යයෙන්ම පොලියත් සමග වන්දි ගෙවීමට සිදුවන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසුවා.

ජනතාවට සේවය කිරීමේදී ඕනෑම අභියෝගයක් බාර ගැනීමට තමන් සූදානම් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෝ තමන් අභියෝග හමුවේ පළා නොයන බවත් අමාත්‍යවරයා සදහන් ‍‍කළා.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ ඊයේ (16) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මිනුවන්ගොඩ ආසන බල මණ්ඩලයට සහභාගී වෙමින්.

තමා තරම් රනිල් වික්‍රමසිංහ මහතාට බැනපු කෙනෙක් නැති තරම් යැයි කී අමාත්‍යවරයා පක්ෂය දෙකට දමා රට එකට දමා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට රට ගොඩ නගන්න සහය දීමට පොහොට්ටුව ඉදිරිපත් වූ බවද සඳහන් කළා.