hit counter

2025 මැයි මස 13 වන අඟහරුවාදා

2023 ජූලි 17, ප.ව. 9:32



මඩකලපුව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය අද මඩකලපුව නගරයේ විරෝධතාවයක් සංවිධාන කර තිබුණා.

ඒ පසුගිය 10 වනදා මනම්පිටිය – කොටලීය පාලම මත සිදු වූ බස් අනතුරෙන් පසු ජාතික ගමනාගමනා කොමිසම් සභාවේ බලපත්‍ර නොමැති බස් රථ ධාවනයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින්.

එම අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් මහතා ද එක්ව සිටියා.

එහිදී මන්ත්‍රීවරයා අදහස් පළ කරන අවස්ථාවේ අසළ සිටි තවත් පිරිසක් ඔහුට විරෝධය පළකළ අතර මන්ත්‍රීවරයාට සහය පළකළ පිරිසක් විරෝධතාකරුවන්ට පහරදීමත් සමඟ ඇතිවුණේ උණුසුම් තත්ත්වයක්.

කෙසේ වෙතත් පොලීසිය මැදිහත් වී සිද්ධිය සමතයකට පත් කිරීමටයි කටයුතු කරනු ලැබුවේ.

පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙකු මඩකලපුව රෝහලට ඇතුළත් කෙරුණු අතර ඉන් එක් අයෙකු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.