hit counter

2026 සැප්‍තැම්‍බර් මස 01 වන අඟහරුවාදා

2023 ජූලි 18, ප.ව. 1:50



සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා.

සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් එම ධුරවලින් ඉවත්විය යුතු බව පවසමින්, එම අමාත්‍යාංශය ඉදිරිපිටදී අද (18) උදෑසන සත්‍යග්‍රහයක් ද ආරම්භ කෙරුණා.

ඊයේ පස්වරුවේ පැවති සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී තීරණය කළේ, සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව මේ සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටයි.

කෙසේවෙතත් සුළු පිරිසකගේ විරෝධය හමුවේ ධුරයෙන් ඉල්ලා අස්වීමට තමා සූදානම් නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කරනවා.