hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2023 ජූලි 19, පෙ.ව. 6:51


අම්බලන්තොට වෙඩි තැබීමකින් අයෙක් මරුට

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (19) අලුයම සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කොග්ගල්ල උතුරු කඩවර ප්‍රදේශයේ පිහිටි නිවසකට අද අලුමට නාඳුනන පුද්ගලයින් තිදෙනෙකු පැමිණ නිවසේ කවුළුවකින් පුද්ගලයෙකු පිළිබඳව සොයා බලා ඇති බව පොලිසිය පවසනවා.

එහිදී එම නිවසේ සිටි දැරියක විසින් මෙම පිරිස දැක කෑ ගැසීමත් සමඟ අදාළ නාඳුනන පුද්ගලයින්ගේ ඉලක්කය වූ පුද්ගලයාගේ පියා නිවසින් පිටතට පැමිණ තිබෙනවා.

එම අවස්ථාවේදී  ඔහුට මෙම වෙඩිතැබීම සිදුකර පළා ගොස් ඇති බව පොලීසිය පවසනවා.

වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ 62 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළා.