hit counter

2026 සැප්‍තැම්‍බර් මස 01 වන අඟහරුවාදා

2023 ජූලි 20, ප.ව. 5:17



ඔන්මැක්ස් නැමැති පිරමීඩ ජාවාරමට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද සිටින බව සංචාරක රාජ්‍ය අමාත්‍ය  ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවැසුවා.

මෙහි කෝටි 300ක ගිණුම් මේ වන විටත් නතර කර තිබෙන අතර එම පිරමීඩ ජාවාරම හරහා කෝටි තුන්දාහක් මේ වන විටත් රටෙන් පිට කොට තිබෙන බව රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළා.

මේ ගැන රහස් පොලිසියේ සහ නීතිපති දෙපාර්තුමේන්තුවේ බොහෝ මන්දගාමීව සොයා බැලීමක් වෙලා තිබෙන බවද ඔන්මැක්ස් නමැති ආයතනය තහනම් කළ පසුවත් කෝටි 292 ක් මේ වන විටත් ජනතාවගෙන් එකතු කරගෙන තිබෙන බව රාජ්‍ය අමාත්‍යවරිය පැවැසුවා.