2023 ජූලි 25, පෙ.ව. 9:52
කාම්බෝජයේ, පෙනෝම් පෙන් අගනුවර, 2023 ජුලි මස 21 සිට 25 දක්වා පැවැත්වූ විශ්ව සාම සම්මේලනයට අනුබද්ධ ජාත්‍යන්තර නායකත්ව සමුළුවේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සාමය සඳහා වන ජාත්‍යන්තර සමුළු කවුන්සිලයේ සභාපති ධූරය පිරිනමා තිබෙනවා.
ලෝක සාමය උදෙසා 1987 වසරේදී දකුණු කොරියාවේ ආරම්භ කරනු ලැබූ ලෝක සාම සම්මේලන කවුන්සිලය, 2019දී පැවැත්වුණු ලෝක සාම සමුළුවෙන් පසු ජාත්‍යන්තර සාමය සඳහා වන සමුළු කවුන්සිලය ලෙස ප්‍රකාශයට පත් කෙරුනු අතර එහි ප්‍රධාන අරමුණු ලෙස ප්‍රජාතන්ත්‍රවාදය, තිරසාර මානව සංවර්ධනය, ආරක්ෂාව හා සාමය හඳුනා ගැණිනි. ලොව පුරා රටවල් 110ක පමණ රාජ්‍ය නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, විද්වතුන් හා පර්යේෂකයන්, සමාජ ක්‍රියාකාරීන්, ජනමාධවේදීන් මෙම සම්මේලනයේ සාමාජිකත්වය දරනවා.
විශ්ව සාම සම්මේලනය මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආර්ථික, සමාජ හා සංස්කෘතික කවුන්සිලය හා සම තත්ත්වයේ ලා සැලකෙන සංවිධානයක්.
එහි මූලස්ථානය දකුණු කොරියාවේ සියොල් නුවර පිහිටා ඇති අතර එහි ජාත්‍යන්තර ලේකම් කාර්යාලය එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර පිහිටා තිබෙනවා.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ජාත්‍යන්තර සාම සමුළු කවුන්සිලයේ සභාපතිධූරය පිරිනැමුනු අවස්ථාවට රටවල් 50ක පමණ ලෝක නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ඇතුළු විශේෂ නියෝජිතවරුන් සහභාගිවී සිටියා.
2024 ඔක්තෝබර් 14, පෙ.ව. 11:21
2024 ඔක්තෝබර් 14, පෙ.ව. 11:04
2024 ඔක්තෝබර් 12, ප.ව. 3:56
2024 ඔක්තෝබර් 12, ප.ව. 3:17
2024 ඔක්තෝබර් 11, ප.ව. 10:26