hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2023 ජූලි 25, ප.ව. 2:12



පාර්ලිමේන්තුවේ වැඩිම පෞද්ගලික මන්ත්‍රී යෝජනා ප්‍රමාණයක් මේ වන විට ඉදිරිපත් කර ඇත්තේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතායි.

පසුගිය 24 වැනිදා නිකුත් කළ පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට අනුව බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා ඉදිරිපත් කර ඇති පෞද්ගලික මන්ත්‍රී යෝජනා ගණන 10 ක්.

ඉන්පසු වැඩිම යෝජනා ප්‍රමාණයක් ඉදිරිපත් කර ඇත්තේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතායි.

ඔහු ඉදිරිපත් කර ඇති පෞද්ගලික මන්ත්‍රී යෝජනා ගණන හයක්.

ඊට අමතරව ජූලි 24 වෙනිදා නිකුත් කළ න්‍යාය පුස්තකයට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජීව එදිරිමාන්න,සාගර කාරියවසම්,මහාචාර්ය රංජිත් බණ්ඩාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රීණී කෝකිලා හර්ෂණී ගුණවර්ධනගේද පෞද්ගලික මන්ත්‍රී යෝජනා එක බැගින් ඇතුළත්ව තිබෙනවා.

විවාද කිරීමට නියමතව ඇති චමින්ද විජේසිරි මන්ත්‍රීවරයාගේ යෝජනා අතරට පළාත් පාලන ආයතනවල කසල බැහැර කිරීම විධිමත් කිරීම, විදේශගත ශ්‍රමිකයන්ට සුබසාධන සැලසීම,කඩා වැටුණු මූල්‍ය ආයතන යළි නඟා සිටුවීම වැනි යෝජනා ඇතුළත්.

බුද්ධික පතිරණ මන්ත්‍රීවරයාගේ පෞද්ගලික යෝජනා අතරට වැඩිහිටි නඩත්තු මණ්ඩල දිවයින පුරා ව්‍යාප්ත කිරීම,පාසල් දරුවන්ගේ වටිනාකම සමාජගත කිරීම සහ රාවණා රජු පිළිබඳව විධිමත් ගවේෂණයක් සිදු කිරීමේ යෝජනාවක් ද ඇතුළත්.

ඉදිරි කාලය තුල මෙම යෝජනා විවාද කිරීමට නියමිතයි.

දේශපාලන වාර්තාකරු





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: