hit counter

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2022 මැයි 20, ප.ව. 1:32


ගෑස් නිසා නාවලපිටියේ උණුසුම් තත්ත්වයක්

නාවලපිටිය නගරයේ ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝජිතයාට දින ගණනාවකට පසු අද (20) දින නිකුත් කරන ලද ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 200ක් බෙදා හැරිමේදි පාරිභෝගිකයන් සහ පොලිසිය අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙන බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

ගෑස් ලැබිමට ප්‍රථම අදාල අලෙවි නියෝජිතයා විසින් පාරිභෝගිකයන්ට ටෝකන් පත් නිකුත් කර තිබු අතර නිකුත් කර තිබු ටෝකන් පත් ප්‍රමාණයට වඩා අඩුවෙන් ගෑස් තොග ලැබිමත් සමග මෙම උණුසුම් තත්ත්වය ඇති වී තිබෙනවා.

දින ගණනාවක් පෝලිම් වල රැදි සිටි විශාල පිරිසකට ගෑස් සිලින්ඩරයක් ලබා ගැනිමට නොහැකි වු අතර එම පාරිභෝගිකයන්ට වෙනත් දිනයක ගෑස් සිලින්ඩරයක් ලබා දිමේ අරමුණින් අලුතින් ටෝකන් පත් නිකුත් කරනු ලැබ තිබෙනවා.