hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2023 ජූලි 26, ප.ව. 4:22


රියදුරු බලපත්‍ර අංශයෙන් යුද හමුදාව ඉවත් කරයි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වෙහෙරහැර රියදුරු බලපත්‍ර මුද්‍රණ කිරීමේ අංශයේ කටයුතු ලබන සැප්තැම්බර් මස 1 වැනිදා සිට නැවතත් එම දෙපාර්තමේන්තුව භාරයට ගන්නා බව මෝටර් රථ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසුවා.

රියදුරු බලපත්‍ර මුද්‍රණ කිරීමේ අංශය ගිවිසුමකට අනුව වසර කීපයක් යුද හමුදාවේ පාලනය යටතේ ක්‍රියාත්මක වූ බවත් එම ගිවිසුම ප්‍රකාරකව නැවත භාරගන්නා බවත් වීරසිංහ මහතා සදහන් කළා.

එම අංශයේ කටයුතු පිළිබඳව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ වන විට පුහුණුව ලබමින් සිටින බව කී මෝටර් රථ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා ඉන් පසුව එම නිලධාරීන් එහි සේවයට අනුයුක්ත කරන බව ද සඳහන් කළා.