hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2023 ජූලි 27, පෙ.ව. 10:52


පල්ලේගම සුමන හිමියන්ට පහරදුන් අට දෙනාට ඇප

ඉහළ බෝමිරිය සුමනාරාම විහාරයට අනවසරයෙන් ඇතුළු වී විහාරාධිපති පල්ලේගම සුමන හිමියන්ට සහ කාන්තාවන් දෙදෙනෙකුට පහර දීමේ චෝදනාව යටතේ නවගමුව පොලිසිය මගින් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කොට සිටි සැකකරුවන් අට දෙනා එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප මත මුදාහරින ලෙසට කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර ඊයේ (26) නියෝග කළා.

එමෙන් ම සාක්ෂිකරුවන්ට බලපෑමක් වන ආකාරයේ කිසිදු ක්‍රියාවකට යොමු නොවන ලෙස ද සැකකරුවන්ට නියෝග කෙරුණා.

ඉහළ බෝමිරිය සුමනාරාමය නමින් හඳුන්වන විහාරස්ථානයට පසුගිය දිනෙක කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු වී ඔවුන් පිටතට පැමිණීම ප්‍රමාදවීම නිසා මෙම පිරිස විහාරස්ථානයට ඇතුළු වී විහාරාධිපති හිමිනමට සහ කාන්තාවන් දෙදෙනාට පහර දී එම දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ මුදාහැරියේ යැයි මෙම පිරිසට විරුද්ධව නවගමුව පොලිසිය මගින් චෝදනා ගොනුකොට තිබුණා.

විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි ප්‍රමුඛ නීතිඥ කණ්ඩායමක් පෙනී සිටි අතර නඩුව නැවත කැඳවීම නොවැම්බර් 29 දින දක්වා කල් තැබුණා.