hit counter

2026 මාර්තු මස 24 වන අඟහරුවාදා

2023 ජූලි 28, පෙ.ව. 12:02



අස්වැසුම බැංකු ගිණුම් විවෘත කිරීමේ කටයුතු මේ සති අන්තය වන විට අවසන් කර ප්‍රතිලාභ ගෙවීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඊයේ (27) මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ඒ අනුව සමාජ සුභසාධන ප්‍රතිලාභ ගෙවීම සඳහා දැනට බැංකු ගිණුම් විවෘත කර නොමැති පිරිස් සඳහා කඩිනමින් ගිණුම් විවෘත කිරීමට කටයුතු කළ යුතු බවයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ.

එමෙන්ම අපේක්ෂා රෝහලේ වසා දමා ඇති භික්ෂු වාට්ටුව පිළිබඳ ගැටලුව ද මෙහිදී සාකච්ඡාවට ලක් කර ඇති අතර අතර එය සම්පූර්ණයෙන් අලුත්වැඩියා කිරීමට ඇස්තමේන්තු සකස් කරමින් සිටින බව ද මෙහිදී අනාවරණය කෙරුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: