hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 ජූලි 28, ප.ව. 5:57


සාමාන්‍ය පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම ගැන නිවේදනයක්

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සංගීතය, නැටුම් හා නාට්‍ය හා රංග කලාව යන විෂයයන්හි ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව යළි සඳහන් කිරිමක් සිදුකර තිබෙනවා.

ඒ ලබන මස 2 වන දා සිට 12 වන දා දක්වා අදාළ විෂයන්ගේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන බවයි.

ඒ අනුව දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 1355ක දී ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඒ සඳහා විභාග ප්‍රවේශ පත්‍ර මේ වන විටත් අයදුම්කරුවන්ට යොමු කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.