hit counter

2026 පෙබරවාරි මස 08 වන ඉරිදා

2023 ජූලි 29, පෙ.ව. 8:48



ආණ්ඩුවේ ආශිර්වාදයෙන් දිගින් දිගටම සිදුවෙමින් පවතින තිරිඟු පිටි වංචාවට එරෙහිව සටන් කිරීමට ජාතික ජනබල වේගය පියවර ගෙන තිබෙනවා.

එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසන්නේ මේ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බවයි.

මෙම වංචාව හේතුවෙන් මසකට රුපියල් බිලියන 2.7 ක ලාභයක් අදාළ සමාගම් විසින් උපයන බවද මන්ත්‍රීවරයා පවසනවා.
ආණ්ඩුවේ බදු සහන හරහා හිතවත් සමාගම් අසීමිතව ලාභ ලබමින් ජනතා මුදල් විනාශ කරමින් සිටින බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

දේශපාලන වාර්තාකරු





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: