hit counter

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2023 ජූලි 29, ප.ව. 4:08


රෝහලේදී සිදුවූ මරණයට සිව්දෙනෙක් රිමාන්ඩ්

අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු මියයාමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් 04 දෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

සැකකරුවන් රෝහල් සෞඛ්‍ය කාර්ය සහායකයින් වන අතර අදාළ මරණය සිදුවී ඇත්තේ පහරදීමක් නිසා බවට ඔවුන්ට චෝදනා එල්ලවී ඇත. 

සැකකරුවන් සිව්දෙනා අද (29) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.