2023 ජූලි 31, පෙ.ව. 12:02
 
            
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේ, පසුගිය දින කිහිපය තුළ රුපියල අවප්‍රමාණයවීම තාවකාලිකව ඇතිවූ තත්ත්වයක් බවයි.
ඉල්ලුම හා සැපයුම මත එහි වටිනාකම තීරණය වීමට ඉඩ ලබාදුන් බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා,
“අපි ඩොලරයට හා රුපියලට ඉල්ලුම සැපයුම මත වටිනාකම තීරණය වෙන්න ඉඩදීලා තියෙනවා. අපි දකිනවා ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ඩොලර් මිලියන 750ක් විතර තිබුණා. දේශීය ණය ප්‍රතිව්‍යගතකරනයේදී සංවර්ධන බැඳුම්කරවල වටිනාකම ශ්‍රී ලංකා රුපියල්වලින් ගෙවන්න කටයුතු කරන්න කියන එකට තමයි එකඟවුණේ. ඩොලර් තැන්පතුවලින් තමයි ඔවුන් මේක මිලදී ගත්තේ.
එතකොට තැන්පතුකරුවන්ට අවශ්‍ය කාලයේදී බේරීම සඳහා මේ ප්‍රමාණය ඩොලර් රැස්කර ගන්න බැංකුවලට යම් අවශ්‍යතාවයක් පැන නගිනවා. ඒ නිසා බැංකු මෙතෙක් තමන්ට ලැබුණු ඩොලර් වෙළෙඳපොළට මුදාහැරීම යම් ප්‍රමාණයකට සීමා කරන්න පුළුවන් මේක රැස්කර ගැනීම සඳහා. ඒ වගේම වෙළෙඳපොළෙන් යම් ප්‍රමාණයක් ගන්න පුළුවන්. මෙන්න මේ කාරණා එක්ක රුපියල අවප්‍රමාණය වීම හා ඩොලරයේ අගය වැඩිවීම සිදුවුණේ පසුගිය දින කිහිපය තුළ. මේ තත්ත්වය ඉල්ලුම සැපයුම මත ඇති වුණ තාවකාලික තත්ත්වයක්.”
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
28-10-25
 
                                            28-10-25