hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 ජූලි 31, පෙ.ව. 9:36


ලංගම බස් වර්ජනයක්

පහරදීමක් මුල්කරගනිමින් ඩිපෝ කිහිපයකට අයත් ලංගම බස් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

මෙලෙස වර්ජනයක් ආරම්භ කර ඇත්තේ දඹුල්ල, අනුරාධපුර, කැකිරාව, හොරොව්පතාන, පොලොන්නරුව, කැබිතිගොල්ලෑව සහ කන්තලේ ඩිපෝවලට අයත් ලංගම බස් රථයි.

හොරොව්පතාන ලංගම බස් ඩිපෝවේ ඩිපෝ පරීක්ෂක වරයකු පෞද්ගලික බස් රථයකින් රැගෙනගොස් පහර දීමේ සිද්ධිය හෙළා දකිමින් මෙම වර්ජනය ආරම්භ කර ඇත.