2023 ජූලි 31, ප.ව. 2:33
දෙස් විදෙස් ක්‍රිකට් තරු සහභාගිවන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වන අදියර ඊයේ (30) ආරම්භ වුණා.
එම උත්සවයේ ජාතික ගීය ගායනා කරන අතරතුර ජනප්‍රිය ගායිකා උමාරා සිංහවංශ විසින් ජාතික ගීයේ එන “නමෝ නමෝ මාතා” යන කොටස “නමෝ නමෝ මහතා” යනුවෙන් කිහිප වරක් උච්චාරණය කරනු දැකිය හැකි වුණා.
එලෙස වැරදි ලෙස උච්චාරණය කරන ලද වීඩියෝවක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝව පිළිබඳව සඳහන් කරමින් බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අනතුරු අඟවා තිබෙනවා.
ඩේලි මිරර් වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ,
“කිසිම රටක ජාතික ගීය රටේ අනන්‍යතාවය සහ සංස්කෘතිය නියෝජනය කරන බැවින් කිසිවෙකුට එය විකෘති කළ නොහැකියි. ඒ නිසා ජාතික ගීය විකෘති කරන මෙවැනි සිදුවීම් අනුමත කරන්න බැහැ. ජාතික ගීයක් රැප් සංගීතයක් ලෙස නැවත මිශ්‍ර කිරීමට හෝ ඉදිරිපත් කිරීමට නොහැකියි. එම නිසා පසුගියදා ඇති වූ සිද්ධියට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගැනීමට අමාත්‍යාංශය කල්පනා කරනවා. ඊට අමතරව මේ සම්බන්ධයෙන් අදාළ පාර්ශ්ව දැනුවත් කිරීමට ද අපි කටයුතු කරනවා. ජාතික ගීය ගායනා කිරීමේ සම්මත ක්‍රමයක් ඇති අතර එහි සම්මත අනුවාදය යූ ටියුබ් හි ඇත.”
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36