hit counter

2026 අගෝස්‍තු මස 25 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 01, ප.ව. 4:42



ඊයේ (31) රැස් වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ වගා හානි සඳහා වන්දි ලබාදීම කෙරෙහි දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා.

මෙරට තුළ පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වගා කටයුතු සඳහා ජලය මුදාහැරීම ගැටලුවක් වී ඇත.

එමෙන්ම ජල විදුලි නිෂ්පාදනය සඳහා ජලය ලබාදීම මෙන්ම පානීය ජලය ලබාදීම සඳහා ද මේ දක්වා ගැටලුවක් නොමැති බව එම අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී සාකච්ඡා වී තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම තත්ත්වය මත වගා හානි සඳහා වන්දි ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්ව ඇති අතර ඒ අනුව ඉදිරියේ දී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.