hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2023 අගෝස්‍තු 03, පෙ.ව. 10:56


අම්බලන්තොට මහ පොළොව හෙල්ලෙයි

අම්බලන්තොට බැරගම මහආර ප්‍රදේශයේ රාත්‍රී හතයි විස්සට පමණ පොළව සෙලවී ගිය බව එම ප්‍ර දේශයේ නිවැසියෝ පවසනවා.

අම්බලන්තොට, මහආර කාන්තාවක් පැවසුවේ, එක්වරම මහා හඩක් නගමින් ගෙයි ඇතුලේ පොලව සෙලවි ගිය බවත්.

නිවසේ ටයිල් කැට කිහිපයක් ගැලවි ඉස්සි ගිය බවයි. අවට නිවෙස් කිහිපකටත් මේ ශබ්දය ඇසුණු බවත්.

ඉතා සුළු වේලාවක් තුල එය අවසන් වූ බවද නිවැසියෝ සඳහන් කළා.

මේ සම්බන්දව හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශකරන්නේ, එවැනි භූ චලනයක් සම්බන්දව මෙතෙක් කිසිදු තොරතුරක් ලැබි නැති බවයි.