2023 අගෝස්තු 07, පෙ.ව. 11:08
මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී / සාමාන්‍ය අධිකාරිවරයා ලෙස ක්ලයිව් ෆොන්සේකා මහතාව 2023 අගෝස්තු 01 වැනිදා දින සිට බලපැවැත්වෙන පරිදි පත් කළ බව එහි අධ්‍යක්ෂ මණ්ඩලය නිවේදනය කර සිටිනවා. ෆොන්සේකා මහතා 2023 ජනවාරි 01 වැනි දින සිට මහජන බැංකුවේ වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍ය අධිකාරීවරයා ලෙස කටයුතු කල අතර මූල්‍ය ක්ෂේත්‍රය තුළ ෆොන්සේකා මහතා ලබා ඇති අත්දැකීම් සම්භාරය හා ජයග්‍රහණ අනුව මහජන බැංකු සාර්ථකත්වයේ මීළඟ අදියර කරා මෙහෙයවීමේ සුදුසුම පුද්ගලයා ඔහු බව මෙම පත්වීම තුළින් සනාථ වේ.
ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන ක්ලයිව් ෆොන්සේකා මහතා ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ සාමාජිකයෙකු වන අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ ව්‍යාපාර පරිපාලනපති උපාධිධාරියකු වේ.
තිස් වසරක සිය කීර්තිමත් වෘත්තීය දිවිය තුළ ෆොන්සේකා මහතා භාණ්ඩාගාර කළමනාකරණය පිළිබඳ සුවිශේෂී විශේෂඥතාවයක් පෙන්නුම් කර ඇති අතර ක්ෂේත්‍රයේ තම සමකාලීනයන්ගේ මෙන්ම ප්‍රවීණයන්ගේ ගෞරවයට පාත්‍ර වී ඇත.
එමෙන්ම ඔහු 2018 සිට 2020 දක්වා ප්‍රාථමික අලෙවිකරුවන්ගේ සංගමයේ (Association of Primary Dealers) සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර එහිදී කැපී පෙනෙන නායකත්වයක් පෙන්නුම් කරමින් මූල්‍ය ක්ෂේත්‍රය වෙත සැලකිය යුතු දායකත්වයක් ලබා දුන්නේය. ජාතික ගෙවීම් කවුන්සිලය සහ මූල්‍ය පද්ධති ස්ථායිතා උපදේශක කමිටුව ඇතුළු ගෞරවනීය කමිටු ගණනාවක ඔහුගේ ක්‍රියාකාරී මැදිහත්වීම, මූල්‍ය පද්ධතියේ ප්‍රගතිය සහ ස්ථාවරත්වය සදහා වන ඔහුගේ කැපවීම මනාව පිළිබිඹු කරයි.
මූල්‍ය වෙළෙඳපොළ සහ පදනම් පොලී අනුපාතික පිළිබඳව ඔහු සතු වූ ගැඹුරු අවබෝධය හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ දේශීය මූල්‍ය වෙළෙඳපොළ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතියේ වෙළඳපල ක්‍රියාකාරී කණ්ඩායම් තුළ සුවිශේෂී භූමිකාවක නිරතවීමට ෆොන්සේකා මහතාට හැකි විය. රටේ මූල්‍ය ක්ෂේත්‍රය හැඩ ගැස්වීමේ ක්‍රියාවලිය තුළ ඔහුගේ තීක්ෂණ බුද්ධිය සහ ප්‍රවීණත්වය වටිනා සම්පතක් වනු නිසැකය.
වර්තමානය වන විට ඔහු පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී, පීපල්ස් ලීසිං ප්‍රොපර්ටි ඩිවලොප්මන්ට් ලිමිටඩ් , ලංකාපේ (පුද්ගලික) සමාගම ඇතුළු ප්‍රමුඛ පෙලේ ආයතන වල ස්වාධීන නොවන විධායක නොවන අධ්‍යක්ෂ වරයෙකු ලෙස කටයුතු කරයි. මෙම ආයතනවලට සිය දායකත්වය ලබා දීම තුළ ඒවා විශිෂ්ටත්වය කරා ගෙන යාම වෙනුවෙන් වෙන ඔහුගේ කැපවීම තවදුරටත් අවධාරණය වේ.
2022 වසරේදී මහජන බැංකුවට සම්බන්ධ වීමට පෙරාතුව ෆොන්සේකා මහතා ඇමරිකන් එක්ස්ප්‍රස් බැංකුව සහ ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව වැනි සුප්‍රසිද්ධ මූල්‍ය ආයතනවල ජේෂ්ඨ තනතුරු දැරූ අතර විවිධ හා අභියෝගාත්මක පරිසරයට මුහුණ දී ජයග්‍රහණයන් කරා යෑමට ඔහුට ඇති හැකියාව පිළිබිඹු කර ඇත.
2011 නොවැම්බර් මාසයේ සිට මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යඅධිකාරියවරයෙකු ලෙස ෆොන්සේකා මහතා කටයුතු කළේය. එහිදී විදේශ විනිමය මෙහෙයුම්, පාථමික අලෙවි නියෝජිත ඒකක ක්‍රියාකාරකම්, ආයෝජන බැංකුකරණ ඒකකය සහ ඇමරිකානු ඩොලර් සහ රුපියල් මුදල් වෙළෙඳපොළ මෙහෙයුම් අධීක්ෂණය කරමින් ආදර්ශමත් නායකත්වයක් පෙන්නුම් කරන ලදී. එමෙන්ම දේශීය හා විදේශීය වාණිජ බැංකු සහ මූල්‍ය ආයතන සමඟ සබඳතාව මනාව හා තීක්ෂණ ලෙස කළමනාකරණය කරමින් බැංකුවේ සාර්ථකත්වයට සැලකිය යුතු දායකත්වයක් පිරිනැමීය.
ප්‍රධාන විධායක නිලධාරී / සාමාන්‍යඅධිකාරිවරයා ලෙස ක්ලයිව් ෆොන්සේකා මහතාගේ මගපෙන්වීම යටතේ මහජන බැංකුව සිය ගනුදෙනු කරුවන්ට සහ පාර්ශවකරුවන්ට නව්‍ය විසඳුම් සහ අසමසම සේවාවක් ලබා දෙමින් ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් ලෙස සිය ස්ථාවරය තවදුරටත් ශක්තිමත් කරගනු ඇතැයි එහි අධ්‍යක්ෂ මණ්ඩලය විශ්වාසය පලකරයි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකුවක් වන මහජන බැංකුව, රුපියල් ට්‍රිලියන තුනකට අධික ඒකාබද්ධ වත්කම් වලට සහ රුපියල් ට්‍රිලියන 2.5 ක ඒකාබද්ධ තැන්පතු වලට හිමිකම් කියයි. මේ වනවිට මහජන බැංකුව දිවයින පුරා විශාලතම ශාඛා සහ සේවා මධ්‍යස්ථාන 745ක ජාලය සමගින් මිලියන 14.7කට අධික ගනුදෙනු කරුවන් පිරිසකට සේවය සපයයි. එක්සත් රාජධානියේ ද බෑන්කර් සගරාව විසින් මහජන බැංකුව, ලොව හොඳම බැංකු 1000 අතරටද ශ්‍රේණිගත කර ඇත.