hit counter

2026 මාර්තු මස 24 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 07, ප.ව. 4:42



නියඟය හේතුවෙන් වී වගාවට මේ වන විට විශාල හානියක් එල්ල වී ඇති බව වාර්තා වේ.

ඒ හේතුවෙන් එම වගාවන්ට සිදුව ඇති වගා හානිවල තත්ත්වය කඩිනමින් තක්සේරු කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් ලබා දී ඇත.

අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී උතුරු මැද පළාතේ ගොවි නියෝජිතයින් සමග සිදු කළ සාකච්ඡාවට පසුව වේ.

එමෙන්ම වගා හානි සඳහා හෙක්ටෙයාර් එකකට ලබා දෙන වන්දි මුදල ද ඉහළ දැමීමට අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: