hit counter

2025 ජූලි මස 04 වන සිකුරාදා

2023 අගෝස්‍තු 10, පෙ.ව. 10:48


අන්තරේට අධිකරණයෙන් නියෝගයක්

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් කොළඹ දී අද (10) සංවිධානය කර ඇති විරෝධතාවකට අදාළව අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව උද්ඝෝෂකයින්ට කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයට, ජනාධිපති මන්දිරයට, අගමැති කාර්යාලයට, ගාලුමුවදොර පිටිය ඇතුළු ස්ථාන කිහිපයකට ඇතුළු වීම වළක්වාලමින් කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එම නියෝගය නිකුත් කර ඇත.

රාජ්‍ය නිලධාරීන්ට අයුතු අවහිරයක් සිදුනොකරන ලෙස නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා මහජනතා‍වට ද අයුතු අවහිරයක් සිදුනොකරන ලෙස උද්ඝෝෂකයින්ට සිය නියෝගය මඟින් දන්වා සිටියා.

කෙසේ වෙතත් සාමකාමී උද්ඝෝෂණ සිදුකළ හැකි බව දැනුම් දුන් මහෙස්ත්‍රාත්වරයා අධිකරණ නියෝගය උද්ඝෝෂණකරුවන්ට භාර දෙන ලෙස කොටුව පොලීසියට නියෝග කළා.