hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2023 අගෝස්‍තු 10, ප.ව. 4:05


අන්තරේට ජල ප්‍රහාරයක්

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ විරෝධතාවයකට පොලීසියෙන් ජල ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

ඒ, කිරුළපන ප්‍රදේශයේදීයි.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂණයකට අදාළව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය සහ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (10) පෙරවරුවේ නියෝග ද නිකුත් කර තිබුණා.